සේවක අර්ථසාධක අරමුදල ( ඊ.පී.එෆ්.) 1958 අංක 15 දරණ පනත මගින් පිහිටුවන ලදි. දායක මුදල් මෙම අරමුදලට නිතිපතා බැර කරනු ලැබේ. එහි අරමුණ වන්නේ සෑම මසකම වැටුපෙන් කොටසක් ඉතිරි කර ගැනීමට සේවකයින්ට උපකාර කිරීමයි. සේවකයාට තවදුරටත් වැඩ කිරීමට ශක්තිය නොමැති විට හෝ විශ්‍රාම යන අවස්ථාවකදී මෙම අරමුදල භාවිතා කළ හැක.
සේවා යෝජකයින් විසින් සෑම මාසයකම මහ බැංකුවට, සේවකයාගේ මුළු ඉපැයීම්වලින් 20% කට සමාන අරමුදලක් බැර කළ යුතුය. සේවකයාගේ දායකත්වය 8% ක් වන අතර සේවකයාගේ මුළු ඉපැයීම්වලින් 12% ට සමාන මුදලක් සේවායෝජකයා විසින් ලබා දිය යුතුය. සේවකයාගේ මුළු ඉපැයීම් සඳහා දායක මුදල් ගෙවිය යුතුය. මුළු ඉපැයීම්වලට වැටුප්, වේතන හෝ ගාස්තු, ජීවන වියදම් දීමනා, නිවාඩු ගෙවීම්, ආහාර දීමනා, ඒ හා සමාන දීමනා, සේවායෝජකයා විසින් සපයනු ලබන ආහාරවල මුදල් වටිනාකම යනාදිය ඇතුළත් වේ. නමුත් අතිකාල ගෙවීම් එයට ඇතුලත් නොවේ. සාමාන්‍ය රාජකාරී කාලවල් වලදී, සති අන්ත නිවාඩු දිනයන්හීදී සිදුකරන වැඩ සහ පෝය දින හෝ රජයේ නිවාඩු දිනවල සිදුකරන වැඩ සඳහා කරන ගෙවීම්ද සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල ගණනය කිරීමේදී ඉපැයීම් ලෙස සැලකිය යුතුය.
සේවකයෙකුට තම රැකියාවේ පළමු දිනයේ සිටම සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකත්වය සඳහා හිමිකමක් ඇත. සේවකයා සේවක අර්ථසාධක අරමුදල වෙත ඇතුළත් කිරීම සේවායෝජකයාගේ වගකීමයි. රැකියාවේ ස්වභාවය අදාල නොවේ. ස්ථිර, තාවකාලික, අනියම්, වැඩ මුර සේවකයින් හෝ ආධුනිකයන් වේවා, සියලුම සේවකයින්ලියාපදිංචි කළ යුතුය. කෑලි මත ගෙවීම් පදනම, කොන්ත්‍රාත් පදනම, කොමිස් පදනම, නිම කරන ලද වැඩ පදනම හෝ කුමන පදනමක වුවද, ඕනෑම ආකාරයකින් සේවය කරන සේවකයින් සාමාජිකත්වය සඳහා සුදුසුකම් ලබයි.
එක් සේවකයෙකු පමනක් සිටින සේවා යෝජකයෙකු පවා රැකියාවේ පළමු දිනයේ සිට අරමුදලට දායක මුදල් ගෙවීමට නීත්‍යානුකූලව බැඳී සිටී. සියලුම සේවකයින්, ස්ථිර, තාවකාලික, ආධුනිකයින්, අනියම් හෝ මාරුවීම් සේවකයින් වේවා “ඒ ”, “බී ” සහ “එච් ”, නම්වූ අදාළ ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍ර ඉදිරිපත් කිරීමෙන් ලියාපදිංචි කල යුතුය.
දින 01 – දින 10 – 5%
දින 10 – මාස 01 – 15%
මාස 01 – මාස 03 – 20%
මාස 03 – මාස 06 – 30%
මාස 06 – මාස 12 – 40%
මාස 12 කට වඩා වැඩි – 50%
Still, have more questions? Let us help you!
සේවකයෙකු ඔහුගේ / ඇයගේ රැකියාවේ පළමු දිනයේ සිටම, ඔහු / ඇය ස්ථිර, තාවකාලික, ආධුනික, අනියම් හෝ වැඩ මුර සේවකයෙක්ද යන්න නොසලකා සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ දායකත්වය සඳහා සුදුසුකම් ලබයි. ඒ හා සමානව, කෑලි මත ගෙවීම් පදනම, කොන්ත්‍රාත් පදනම සහ ඕනෑම ආකාරයකින් සිදුකරන වැඩ පදනම මත සේවය කරන සේවකයින් සාමාජිකත්වය සඳහා සුදුසුකම් ලබයි. සේවකයාගේ මුළු ඉපැයීම් වලින් 3% ට සමාන මුදලක් සේවා යෝජකයා විසින් ලබා දිය යුතුය.
දායක මුදල් ගෙවීම සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට වෙනම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් නොමැත. සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ දායක මුදල් සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි අංකය හරහා කළ යුතුය. සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ ගෙවීම් සඳහා සේවකයින් 15 ට වැඩි සේවා යෝජකයින් විසින් ප්‍රේෂණ උපදෙස් “ආර් 1” සම්පූර්ණ කළ යුතු අතර සේවකයින් 15 ට අඩු සේවා යෝජකයින් විසින් ප්‍රේෂණ උපදෙස් “ආර් 4” සම්පූර්ණ කර, ඒ අනුව ගෙවීම් කළ යුතුය. චෙක්පත් / බැංකු අණකර මගින් ගෙවීම් කළ යුතු නම්, ඒවා නිසි පරිදි රේඛනය කොට “සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය” නමින් ලියා තිබිය යුතුය. මුදල් ඇණවුම “සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය” නමින් නිකුත් කල යුතුය. යම් මාසයක් සඳහා කරනු ලබන දායක මුදල්, එම මාසයට පසු මාසයේ අවසාන වැඩ කරන දිනය ඉකුත්වීමට පෙර, අදාළ මාසික දායක මුදල් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල වෙත ළඟා විය යුතුය. එසේ නොවුවහොත්, ප්‍රමාදය අනුව සේවා යෝජකයා අධිභාරයක් ගෙවීමට බැඳී සිටී.
මෙහි සෑම කරුනක්ම දක්වා ඇතත්, ඔබේ කාර්ය මණ්ඩලය සඳහා වැටුප් ගෙවීම සැකසීමට සහ සේවක වැටුප් සැකසීම කළමනාකරණය කිරීමට ඔබට තවමත් උදව් අවශ්‍ය විය හැක, මෙය අපි සිමිපල් බුක්ස් විසින් කරන දෙයකි. අපගේ මිල ගණන් ඔබට මෙම පිටුව හරහා පරීක්ෂා කළ හැක – – https://simplebooks.com/bookkeeping-pricing/
ඔබට සහය වීමට අපව සම්බන්ධ කරගන්න contact us” අපගේ කණ්ඩායමේ සාමාජිකයෙකු ඉක්මනින් ඔබ හා සම්බන්ධ වෙයි.