by | ජූලි 26, 2020

සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල – ඔබ දැනගත යුතු දේ

Read in

සේවක අර්ථසාධක අරමුදල ( ඊ.පී.එෆ්.) 1958 අංක 15 දරණ පනත මගින් පිහිටුවන ලදි. දායක මුදල් මෙම අරමුදලට නිතිපතා බැර කරනු ලැබේ. එහි අරමුණ වන්නේ සෑම මසකම වැටුපෙන් කොටසක් ඉතිරි කර ගැනීමට සේවකයින්ට උපකාර කිරීමයි. සේවකයාට තවදුරටත් වැඩ කිරීමට ශක්තිය නොමැති විට හෝ විශ්‍රාම යන අවස්ථාවකදී මෙම අරමුදල භාවිතා කළ හැක.

සේවා යෝජකයින් විසින් සෑම මාසයකම මහ බැංකුවට, සේවකයාගේ මුළු ඉපැයීම්වලින් 20% කට සමාන අරමුදලක් බැර කළ යුතුය. සේවකයාගේ දායකත්වය 8% ක් වන අතර සේවකයාගේ මුළු ඉපැයීම්වලින් 12% ට සමාන මුදලක් සේවායෝජකයා විසින් ලබා දිය යුතුය. සේවකයාගේ මුළු ඉපැයීම් සඳහා දායක මුදල් ගෙවිය යුතුය. මුළු ඉපැයීම්වලට වැටුප්, වේතන හෝ ගාස්තු, ජීවන වියදම් දීමනා, නිවාඩු ගෙවීම්, ආහාර දීමනා, ඒ හා සමාන දීමනා, සේවායෝජකයා විසින් සපයනු ලබන ආහාරවල මුදල් වටිනාකම යනාදිය ඇතුළත් වේ. නමුත් අතිකාල ගෙවීම් එයට ඇතුලත් නොවේ. සාමාන්‍ය රාජකාරී කාලවල් වලදී, සති අන්ත නිවාඩු දිනයන්හීදී සිදුකරන වැඩ සහ පෝය දින හෝ රජයේ නිවාඩු දිනවල සිදුකරන වැඩ සඳහා කරන ගෙවීම්ද සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල ගණනය කිරීමේදී ඉපැයීම් ලෙස සැලකිය යුතුය.

සේවකයෙකුට තම රැකියාවේ පළමු දිනයේ සිටම සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකත්වය සඳහා හිමිකමක් ඇත. සේවකයා සේවක අර්ථසාධක අරමුදල වෙත ඇතුළත් කිරීම සේවායෝජකයාගේ වගකීමයි. රැකියාවේ ස්වභාවය අදාල නොවේ. ස්ථිර, තාවකාලික, අනියම්, වැඩ මුර සේවකයින් හෝ ආධුනිකයන් වේවා, සියලුම සේවකයින්ලියාපදිංචි කළ යුතුය. කෑලි මත ගෙවීම් පදනම, කොන්ත්‍රාත් පදනම, කොමිස් පදනම, නිම කරන ලද වැඩ පදනම හෝ කුමන පදනමක වුවද, ඕනෑම ආකාරයකින් සේවය කරන සේවකයින් සාමාජිකත්වය සඳහා සුදුසුකම් ලබයි.

එක් සේවකයෙකු පමනක් සිටින සේවා යෝජකයෙකු පවා රැකියාවේ පළමු දිනයේ සිට අරමුදලට දායක මුදල් ගෙවීමට නීත්‍යානුකූලව බැඳී සිටී. සියලුම සේවකයින්, ස්ථිර, තාවකාලික, ආධුනිකයින්, අනියම් හෝ මාරුවීම් සේවකයින් වේවා “ඒ ”, “බී ” සහ “එච් ”, නම්වූ අදාළ ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍ර ඉදිරිපත් කිරීමෙන් ලියාපදිංචි කල යුතුය.

සේවක අර්ථසාධක අරමුදල සමඟ ලියාපදිංචි වීමට පහත පියවරයන් අනුගමනය කිරීමට අවශ්‍ය වේ.

  • පළමු සේවකයා බඳවා ගැනීමේ සිට දින 14ක් අවසන් වීමට පෙර සේවායෝජකයා විසින් “ඩී” ආකෘති පත්‍රය පිටපතක් සහිතව සම්පූර්ණ කර ලියාපදිංචි තැපැල් සේවය ඔස්සේ තැපැල් කළ යුතුය.
  • මෙම පෝරමය ව්‍යාපාරික පරිශ්‍රයට ආසන්නම පිහිටි කම්කරු කාර්යාලයට තැපැල් කළ යුතුය.
  • කම්කරු කොමසාරිස් විසින් නොපමවාම සේවායෝජකයා වෙත ලියාපදිංචි අංකයක් එවනු ඇත.

සේවායෝජකයා විසින් නඩත්තු කළ යුතු ලේඛන

  • වැටුප් තොරතුරු, අමතර දීමනා තොරතුරු, කම්කරු ලේඛනය
  • පැමිණීමේ තොරතුරු
  • ප්‍රතිලාභ ගෙවීමේ සාක්ෂි (මහ බැංකු ලදු පත්, චෙක්පත් අංක, ලියාපදිංචි තැපැල් ලදු පත් යනාදිය)
  • “සී” සහතිකයේ තුන්වන පිටපත

සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම් කිරීමට අනුගමනය කළ යුතු පියවර

  1. සංඛ්‍යාත්මක අනුපිලිවෙලට සේවකයින් සඳහා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික අංක ලබා දෙන්න.
  2. එක් එක් සේවකයාගේ දායකත්වය (අවම වශයෙන් සේවකයාගෙන් 8% සහ සේවා යෝජකයාගෙන් 12%) එම මාසය සඳහා ඔවුන්ගේ මුළු ඉපැයීම් අනුව ගණනය කරන්න.
  3. සම්පූර්ණ මාසික දායක මුදල් සඳහා, “සී” වාර්තාව නම්වූ ආකෘති පත්‍රයේ පිටපත් ත්‍රිත්වයක් පුරවා තිබිය යුතු අතර, මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් චෙක්පතක් හෝ මුදල් ඇණවුමක් සහිතව අධිකාරී, සේවක අර්ථසාධක අරමුදල වෙත ඉදිරිපත් කළ යුතුය.

සලකා බැලිය යුතු වැදගත් කරුණු

  • නව සේවකයෙකු (සාමාජිකයෙකු) බඳවා ගන්නා විට, එම මාසයේ “සී” වාර්තාfවි විස්තර ඇතුළත් කළ යුතුය.
  • “සී” ආකෘති පත්‍රය නොමැතිව යවන ලද දායක මුදල් සේවකයාගේ ගිණුමට බැර නොකෙරෙන අතර එය සංකීර්නතාවයන්ට සහ දඩ වලට යටත් වනු ඇත.
  • යම් මාසයක් සඳහා කරනු ලබන දායක මුදල්, එම මාසයට පසු මාසයේ අවසාන වැඩ කරන දිනය ඉකුත්වීමට පෙර, අදාළ මාසික දායක මුදල් සේවක අර්ථසාධක අරමුදල වෙත ළඟා විය යුතුය. එසේ නොවුවහොත්, ප්‍රමාදය අනුව සේවා යෝජකයාට අධිභාරයක් පැනවෙනු ඇත.
  • නියමිත දිනට සේවක අර්ථසාධක අරමුදලට ගෙවීමට අපොහොසත් වීම් සඳහා වන අධිභාරය පහත සඳහන් වේ.

දින 01 – දින 10 – 5%

දින 10 – මාස 01 – 15%

මාස 01 – මාස 03 – 20%

මාස 03 – මාස 06 – 30%

මාස 06 – මාස 12 – 40%

මාස 12 කට වඩා වැඩි – 50%

Help us, help you!
Still, have more questions? Let us help you
This field is for validation purposes and should be left unchanged.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල

සේවකයෙකු ඔහුගේ / ඇයගේ රැකියාවේ පළමු දිනයේ සිටම,  ඔහු / ඇය ස්ථිර, තාවකාලික, ආධුනික, අනියම් හෝ වැඩ මුර සේවකයෙක්ද යන්න නොසලකා සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ දායකත්වය සඳහා සුදුසුකම් ලබයි. ඒ හා සමානව, කෑලි මත ගෙවීම් පදනම, කොන්ත්‍රාත් පදනම සහ ඕනෑම ආකාරයකින් සිදුකරන වැඩ පදනම මත සේවය කරන සේවකයින් සාමාජිකත්වය සඳහා සුදුසුකම් ලබයි. සේවකයාගේ මුළු ඉපැයීම් වලින් 3% ට සමාන මුදලක් සේවා යෝජකයා විසින් ලබා දිය යුතුය.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය පියවර

දායක මුදල් ගෙවීම සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට වෙනම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් නොමැත. සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ දායක මුදල් සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි අංකය හරහා කළ යුතුය. සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ ගෙවීම් සඳහා සේවකයින් 15 ට වැඩි සේවා යෝජකයින් විසින් ප්‍රේෂණ උපදෙස් “ආර් 1” සම්පූර්ණ කළ යුතු අතර සේවකයින් 15 ට අඩු සේවා යෝජකයින් විසින් ප්‍රේෂණ උපදෙස් “ආර් 4” සම්පූර්ණ කර, ඒ අනුව ගෙවීම් කළ යුතුය. චෙක්පත් / බැංකු අණකර මගින් ගෙවීම් කළ යුතු නම්, ඒවා නිසි පරිදි රේඛනය කොට “සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය” නමින් ලියා තිබිය යුතුය. මුදල් ඇණවුම “සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය” නමින් නිකුත් කල යුතුය. යම් මාසයක් සඳහා කරනු ලබන දායක මුදල්, එම මාසයට පසු මාසයේ අවසාන වැඩ කරන දිනය ඉකුත්වීමට පෙර, අදාළ මාසික දායක මුදල්  සේවා නියුක්තයන්ගේ භාර අරමුදල වෙත ළඟා විය යුතුය. එසේ නොවුවහොත්, ප්‍රමාදය අනුව සේවා යෝජකයා අධිභාරයක් ගෙවීමට බැඳී සිටී.

උදව් අවශ්‍යද?

මෙහි සෑම කරුනක්ම දක්වා ඇතත්, ඔබේ කාර්ය මණ්ඩලය සඳහා වැටුප් ගෙවීම සැකසීමට සහ සේවක වැටුප් සැකසීම කළමනාකරණය කිරීමට ඔබට තවමත් උදව් අවශ්‍ය විය හැක, මෙය අපි සිමිපල් බුක්ස් විසින් කරන දෙයකි. අපගේ මිල ගණන් ඔබට මෙම පිටුව හරහා පරීක්ෂා කළ හැක – – https://simplebooks.com/bookkeeping-pricing/
ඔබට සහය වීමට අපව සම්බන්ධ කරගන්න contact us” අපගේ කණ්ඩායමේ සාමාජිකයෙකු ඉක්මනින් ඔබ හා සම්බන්ධ වෙයි.

Facebook Comments

Share this post

What are others saying? We have around 250+ reviews with an overall rating of 4.9 on Google

SUPERB!!! I highly recommend this place to everyone.. තමන්ගේම Business එකක් Start කරන එක හැමෝගෙම Dream එකක් උනාට ඒකට හොද මගපෙන්වීමක් නැති එක තමයි අවුල. SimpleBook එකෙන් email කීපයකින් මේ වැඩේ කරගන්න පුලුවන්. 😍

Chanux Bro

Director, Chanux Bro

They took the time to explain what they were doing every step of the way. This took a lot of stress away. I deeply appreciate their professionality and will always recommend Simplebooks to any in need of the services they provide.I couldn’t have wished for anything better.

Ratta

Founder, Studio Ratta

Very good service.. very happy with your assistance.

Cricketer Jeevan Mendis

Director

Honest review! Thanks you simplebooks team for the amazing support on my company registration. Givantha, Moiz and other team members were very helpful. Keep up the quick service. Highly recommended this hassle-free service. 👍🏼

NAWRAN

Director, Social Media Academy

හිතුවට වඩා ලේසියෙන් වැඩේ කරලා දුන්නට ස්තුතියි @teamsimplebooks

Travel with Wife

I’ve registered over 10 businesses with Simplebooks over the years and I would recommend them every step of the way.

Bhanuka Harischandra

Founder, Surge Global

Have more questions?

This field is for validation purposes and should be left unchanged.